ඔහු දන්නා හඳුනන කොයි කාගේත් ආදරය ඉහළින්ම දිනාගත්තෙකි. කෙළිලොල් කතාබහත්, සුහද මිතුරු ඇසුරත් නොවේනම් විටෙක ඔහු මුණිවරයෙකුදෝයි කෙනෙකුට සිතෙනු ඇත. ඔහුට ඇත්තේ එතරම්ම කරුණාභරිත වූ හදවතකි. තමාට වරදක්, නපුරක් කළ කෙනෙකුට වුවද සමාව දීමට ඔහු හේතු සොයාගන්නා අන්දම අපූරුය. පිළිගත හැකි හේතුවක් නොමැතිනම් එසේ කරන්නේ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා කියා හෝ එය නොසලකා හරින්නට ඔහු සමත්ය.
කෙනෙකුගේ මුවට සිනහවක් ගෙන ඒම ඔහුගේ ඉහළම සතුටයි. බොහෝ දෙනා ඔහුගේ ගායනයට වශී වන අන්දම මා දැක ඇත. සැබැවින්ම මාද ඔහුගේ ගායනයට වශී වූ බව නොකියා බැරිය.
ඔහුගේ ශබ්ධ කෝෂයේ නැහැ - බැහැ යන වදන් නොමැත. කෙනෙකුට උදව්වක් ඇවැසි වූ විට ඔහු එය තමාගේ කටයුත්තක් බවට පත් කරගෙන සහය වෙයි. තමාගේ කටයුතු අතපසු වුවද ඔහුට කම් නැත. ඒ ඔහු වෙනෙකෙකු නොවී ඔහුම වූ බැවිනි.
ඔහු පැමිණියේ අසීරු ගමනකය. ඔහුගේ දිරිය පිළිබඳව මා හට පුදුම සිතේ. ඔහු ඔහුගේ වයසට වඩා බොහෝ ජීවිත අත්දැකීම් ලද්දෙකි. ඔහුගේ නැගණියන් ඔහුට සළකන්නේ පියෙකුට මෙනි. ඒ ඔහු ඔවුන් වෙනුවෙන් සිදුකළ දෑ ඔවුන් හොඳින්ම දත් බැවිනි. අද ඔහු සතුටිනි, එසේ යැයි මම සිතමි. අද ඔහු ආදරණීය සැමියෙකි, ආදරණීය පියෙකි, දහසක් සිසුන්ගේ නැණැස පාදන දයාබර ගුරු පියෙකි. මිනිසත් බවේ ප්‍රතිමූර්තියකි. මිල මුදල් නොව හදවත් උපයන්නෙකි.
මා හට කිසා ගෝතමියගේ නිබ්බුත පද සිහිපත් වේ.
එසේම ඔහු වෙනුවෙන් එහි තෙවෙනි පදයේ හිමිකාරිය මා ම වන බවද සිහිපත් වේ.
ඔහු වැන්නෙකුගේ සෙනෙහස ලබන්නට, ඔහු වැන්නෙකුගේ බිරිඳ වන්නට සැබැවින්ම මම පින් කර ඇත්තෙමි.
"You are every reason,
Every hope,
And every dream I've ever had...
And no matter what happens
To us in the future,
Every day we are together
Is the greatest day of my life.
I will always be yours,
And you will always be mine."
Happy Birthday
&
Happy Anniversary!!!
I LOVE YOU!!!

සිත්තරාට මගෙනුත් සුබ පැතුම්!!!
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා.....:)
ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ! :) ස්තූති කරන්න එන්න පහු උනාට සමාවෙන්න හොඳේ.
Deleteසිත්තමාට මේකට සෑහෙන ලොකු වන්දියක් ගෙවන්න වෙයි.
ReplyDeleteඋපන්දිනේ සහ සංවත්සරේ එකට යෙදුනද?
Happy Birthday & Happy Anniversary!
එයා සිත්තමා නෙවෙයි අනේ, සිත්තරා. එයාගෙ උපන්දිනේට පහුවදා තමයි අපේ වෙඩිං ඇනිවසරි එක. ගොඩාක් ස්තූතියි අයියටත්! :)
Deleteමේ පින්තූරෙ නම් ගැලපෙන්නෙ නෑ බොලේ උඹ කියන්ට හදන එකට...මුතු ඇටයක් කියන්නෙ මුතු බෙල්ලා බොහොම ආසාවෙන් ආරක්සා කරන දෙයක් නෙවෙයි, " මුතු බෙල්ලකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා, මතු ඔබ රැක ගමි..... " ඒ මුතු කියන්නෙ මොකක්ද? මුතු හැදෙන්නෙ කොහොමද? කියල මේලෝකෙ හසරක් දන්නෙ නැති මනුස්සයෙක් ලිව්ව සිංදුවක්..:)
ReplyDeleteමුතු බෙල්ලගෙ පියන්පත් දෙක අතරට මොනවහරි වැලි කැටයක් වගෙ ආගන්තුක දෙයක් ඇතුල් උනහම ඒ නිසා ඒ සතා මියයන්ට උනත් පුලුවනිලු. අන්න ඒක වලක්වාගන්ට මුතු බෙල්ල කරන්නෙ උගෙ ශරීරයෙන් නිකුත් කරන විශේෂ රසායන ද්‍රව්‍යයකින් ඒ වැලි කැටේ වගෙ එක වහල දාන එක.මුතු කියන්නෙ අන්න එහෙම හැදෙන එකට....හෙහ්,හෙහ්.
අඩේ බොලේ තරහ වෙන්න එහෙම එපා හොඳද ...මේ බලාපල්ලකො මේ මනුස්සය මේ හොඳ දවසෙ කියාපු එක කියල...දන්නවනෙ දැන් හඳ මෝරන කාලෙ කියල....හෙහ්,හෙහ්,
*************************************
You are the caressing wind that is
lingering through my soul,
You are the whispering brook that is
flowing through my soul,
You are the soothing wave that is,
touching the grains of sand,
You are the shining star that is
lighting up my world,
My heartfelt wishes to Siththaraa twice and for you my dear, once!!!
මේ පින්තූරෙනම් තෝරගත්තෙ අයියේ අපි දෙන්නගෙ කතාන්දරේ අග්‍ර ඵලය සංකේතවත් කරන්න. දන්නවනෙ සිත්තර පැංචගේ නම. :)
Delete/*දන්නවනෙ දැන් හඳ මෝරන කාලෙ කියල....*/ දැන් එතකොට ඔය හඳ මෝරන කාලෙට විතරෙයි ඔය මොළේ ඩිංගක් කොලොප්පං වෙන්නෙ? හාකො හාකො... :P
Thank you very much ayya, for your lovely verse and wishes! :)